එක මිනිසෙක්…ආත්මයන් දෙකක් …. ZOOM

Avatar Cinema.lk A | January 10, 2013 578 Views 0 Likes 0 Ratings

578 Views 0 Ratings Rate it

ලාංකේය චිත්‍රපටය කර්මාන්තයට එකතු වන යොවුන් සිනමාකරුවන්ගේ ප්‍රමාණය මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.තමන්ගේ කුළුඳුල් සිනමා පටය නිර්මාණය කරමින් මෙරට චිත්‍රපට ක්ෂ්‍රේත්‍රෙය තුළ දිගු ගමනක් යාමට තවත් නවක නිර්මාණකරුවෙකු මේ වන විට සුදානම් වනවා.ඔහු නමින් සමීර වක්වැල්ලයි.

ආත්ම දෙකක් හා ජීවන රටා දෙකක් අතර දෝලනය වන එක් මනුෂ්‍ය ශරීරයක් හා එහි ශරීරය තුළ විටින් විට ඉස්මතු වන ඉහත කී ආත්ම දෙකෙහිම සතු මනෝභාවයන් තේමා කරගනිමින් තැනෙන මේ සිනමා පටයට නම් කර ඇත්තේ ‘ZOOM’ ලෙසිනි.මෙම චිත්‍රපටයේ තිර රචනයද සමීර ගෙනි.එලෙසම මෙහි නිෂ්පාදන කාර්යභාර්ය සිදුකරන්නේ ධම්මික අබේසේන විසිනි.

මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයනු ලබන්නේ ජීවන් කුමාරතුංග, හේමාල් රණසිංහ, ශේෂාද්‍රී ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, ඩිනක්ෂී ප්‍රියසාද්, චමිලා පීරිස්, චමින්ද උඩගෙදර, තිලිණි මහේෂිකා යන අයයි

සහය අධ්‍යක්ෂණයෙන් චන්දන ඉරුගල් බණ්ඩාර ද,කැමරා අධ්‍යක්ෂණයෙන් උපුල් ප්‍රියනාත් ද,කලා අධ්‍යක්ෂණයෙන් චමින්ද උඩගෙදර ද,සංගීත අධ්‍යක්ෂණයෙන් මංජුල පෙරේරා ද ‘ZOOM’ සදහා දායක වේ.ගීත ගායනයෙන් ‘ZOOM’ චිත්‍රපටයට දායක වන්නේ නෙලූ අධිකාරි, සඳුන් විජේවර්ධන සහ සමීර වක්වැල්ලයි. මෙහි නිෂ්පාදන සම්බන්ධිකරණය දීපිකා කලුආරච්චියි. නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ නුවන් සමීර විජේසිංහයි. මහීදි අත්තනායක මෙහි නර්තන අධ්‍යක්ෂවරියයි.

Share

578 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.