අන්ලොක් (Unlock) – ක්‍රිස් ඇන්තනිගේ තෙවන චිත්‍රපටයේ රූගත කිරීම් නිමාවෙයි
අපේ ප්‍රින්සිපල් සහ පාස්පෝට් චිත්‍රපට දෙකම පසුගිය දිනවල මෙරට සිනමා රසිකයින් අතරෙ හි බොහොම ජනප්‍රියත්වයට පත් වුනු නිර්මාණ දෙකක්. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ දිල්හානි ඒකනායකට මෙන්ම, පාස්පෝට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජගත් චමිලටත් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුනේ බොහොම උණුසුම් ප්‍රතිචාරයක්.
ලංකාවෙන් පිටත රටවල් කිහිපයකත් එම සිනමාපට පුළුල් තිරයේ ප්‍රදර්ශනය වුනා.
අපේ ප්‍රින්සිපල් – පාස්පෝට් චිත්‍රපටවලට පසුව, එහි අධ්‍යක්ෂකවරයා වන ක්‍රිස් ඇන්තනි විසින් දැන් තවත් අලුත්ම සිනමාපටයක වැඩ කටයුතු ආරම්භ කොට තිබෙනවා.
Unlock (අන්ලොක්) යනුවෙන් නම් කර තිබෙන මෙම චිත්‍රපටයේ ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් සම්බන්ධ වනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත චරිත රඟපාන්නේ නව පරපුරේ ජනකාන්ත රංගන ශිල්පීන් දෙපළක් වන සජිත ඇන්තනි සහ ශලනි තාරුකා විසින්.
සූරිය අරණ – අබා චිත්‍රපටවල රඟපාමින් ළමා නලුවෙකු ලෙසට ක්ෂේත්‍රයට පැමිනි සජිත අනුත්තර ඇන්නති, ගාඩි – දූස්රා – සිහින සමීකරණ – සිංහබාහු – රාණි වැනි තවත් සිනමාපට රැසකටම සිය දායකත්වය ලබා දී තිබෙනවා. පුංචි තිරයේ ජනප්‍රිය නිලියක ලෙසින් ප්‍රසිද්ධ ශලනි තාරුකා ස්පන්දන, නෙලා, වියසිදුරු චිත්‍රපටවලිනුත් මීට පෙර දැකගන්නට ලැබුනා.
Unlock (අන්ලොක්) චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල මොරටුව, මහරගම ඇතුලු මෙරට ප්‍රදේශ ගණනාවකදී සිදු වුනු අතර මේ වනවිට එහි සියලු දර්ශන සම්පූර්ණ කොට තිබෙන බවට පැවසෙනවා.
මෙහි සහාය චරිත සඳහා එක්වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, රුක්ෂාන්ති පෙරේරා, නිරෝශන් විජේසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුලු නලු නිලියන් පිරිසකුයි.
චිත්‍රපටයේ අංග රචනය ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු වන ප්‍රියන්ත දිසානායක විසින් සිදු කරන අතර සංගීත අධ්‍යක්ෂණය නිමේෂ් කුලසිංහගෙනි. සඳුනි ජයපද්ම සහාය අධ්‍යක්ෂණයෙන්, රෝනිත් අධිකාරී නිෂ්පාදන කළමනාකරණයෙන්, සහ අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් මීට සම්බන්ධ වනවා.
චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය සුධීර චන්ද්‍රදාස යි.
Unlock (අන්ලොක්) සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන්නේ ඉන්දියානු ජාතික සිනමාකරුවෙකු වන ගෝපිනාදන් විසින් වීමත් විශේෂත්වයක්.
පුරා දින ගණනාවක රූගත කිරීම්වලට පසුව මේ වනවිට චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා.
Unlock (අන්ලොක්) නුදුරේදීම දිවයින පුරා සිනමා හල්වලදී තිරගත කිරීමට නියමිතයි!
Written by Kavinu Weerakkody