පිස්zoo ළඟදීම රිදී තිරයට – රූපගත කිරීම් අවසන්

Avatar Kavinu Weerakkody | July 15, 2026 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

මෙරට පළමු සෙමි – ඇනිමේෂන් චිත්‍රපටය වන, “පිස්zoo” නවතම සිංහල චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා අවසාන වුනා.‍ මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් තිබෙනවා.

ඉෂංකා ජහන්වී ‘නිහන්සා’ගේ චරිතයෙන් සහ දර්ශන් තවරාජා ‘සදේශ්’ගේ චරිතයෙන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයට එකතු වනවා.

ඒ සමඟින් සෙනාලි ෆොන්සේකා, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, නිරෝෂා තලගල, ගිහාන් ප්‍රනාන්දු ඇතුලු නලු නිලියන් රැසක් මෙහි දැකගත හැකියි.

පිස්zoo චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන සහ තිර රචනය සුනෙත් ලොකුහේවා විසිනි.

Share

42 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.