ලකයි සිකයි අධ්‍යක්ෂණය කරන පළමු සිංහල චිත්‍රපටය – සුරදෙටුවෝ

Avatar Kavinu Weerakkody | August 1, 2025 200 Views 0 Likes 5 On 1 Rating

200 Views 5 On 1 Rating Rate it

ලකයි – සිකයි යූටියුබ් අවකාශයේ සැරිසරන, මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින්ට නම් බොහොම හුරුපුරුදු නම් දෙකක්. ජනප්‍රිය නලු නිලියන් රැසක් පිරිවරාගෙන, ඔවුන්ගේ අලුත්ම නිර්මාණයක රූගත කිරීම් මේ දිනවල සිදුවනවා.

ඒ ලකයි – සිකයි අධ්‍යක්ෂණය කරන, පළමු සිංහල චිත්‍රපටයයි.

සුරදෙටුවෝ ලෙසින් නම් කර තිබෙන මෙම අලුත්ම ප්‍රහසන චිත්‍රපටයෙන් ලංකාවේ ජනකාන්ත නලු නිලියන් රැසක් ඔබට දැකගන්නට පුලුවන්.

දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර, ශාලිකා නදීශානි, සුගන්ධි වොෂදි, දර්ශන් තවරාජා, සුදක්ෂා සමාධි සමඟින් ලකයි සිකයි දෙදෙනාත් සුරදෙටුවෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසිනි.

ඔහු සමඟින් සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ එක්වී මෙහි තිර පිටපත රචනා කර තිබෙනවා. පැතුම් සදරුවන් සංස්කරණයෙන් සහ මාධව කමලසිරි කැමරාකරණයෙන් එක්වනවා.

සොරදෙටුවෝ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතුනවගොන්නගේ යි.

වර්ණ සංයෝජනය ශාන් අල්විස් සහ දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය කසුන් පතිරණගෙනි. කසුන් කල්හාර විසින් සුරදෙටුවෝ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ගී තනු නිර්මාණය කරනවා.

සුරදෙටුවෝ චිත්‍රපටයේ රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුවන අතර නුදුරේදීම මෙය නිකුත් වීමට නියමිතයි.

Share

200 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.