සෙනාලි, දර්ශන් සහ අමිල සමගින් “කබඩි” ළඟදීම.
ඉන්දියානු සිනමාවට කැමති ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට හොඳින් හුරු පුරුදු චිත්‍රපට දෙකක් තමයි GHILLI කියන දමිළ චිත්‍රපටයත්, OKKADU කියන තෙලිඟු චිත්‍රපටයත්. මේ චිත්‍රපට දෙකම රසවින්ද ලංකාවේ චිත්‍රපට රසිකයින්ට, ඒ කතා තේමාවම අපේ රටේ හුරුවට, සිංහල භාෂාවෙන්, අපේම කතාවක් විදිහට නරඹන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි “කබඩි” චිත්‍රපටය. අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමෙන් පස්සෙ විවේකීව ඉන්න අතරවාරයේ අපූරු සිනමා අත්දැකීමක් විඳගන්න සිනමා රසිකයින්ට අවස්ථාව උදා වන්නේ අප්‍රේල්16 වැනිදා සිකුරාදා සිටයි.
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “කබඩි” චිත්‍රපටය නිශාන්ත ජයවර්ධන විසින් නිෂ්පාදනය කොට තිබෙනවා. අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, දර්ශන් ධර්මරාජ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, අනුජ් රණසිංහ, විනු සිරිවර්ධන, නිල්මිණි කෝට්ටගොඩ, දමිතා අබේරත්න, පියුමි බොතේජු, කුමාරි මුණසිංහ, ආනන්ද වික්‍රමගේ ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා.
“කබඩි” – ඉන්දියානු රහට අපේම ආරකට අපූරු චිත්‍රපටයක් විඳගන්න අප්‍රේල් 16 වැනිදා සිට ලාංකික සිනමා රසිකයින්ට අවස්ථාව උදා වනවා.
Written by Nisanka Weheraduwa