හේමාල් රණසිංහ රඟන අයිස් ක්‍රීම් (Ice Cream) මාර්තු 06 වනදා සිට

Avatar Kavinu Weerakkody | March 2, 2025 87 Views 1 Like 4 On 1 Rating

87 Views 4 On 1 Rating Rate it

මෙරට සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට පණ පොවන අලුත්ම චිත්‍රපටයක් වන, අයිස් ක්‍රීම් (Ice Cream) සිනමා නිර්මාණය ළඟදීම දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීමට නියමිතයි.

මීට බොහෝ කාලකට පෙර තිරගත වීමට නියමිතව තිබුනත්, විවිධ හේතු නිසා මේ චිත්‍රපටය තිරගත වීමට කල් ගත වුනා. නමුත් ඒ සියලු බාධක අවසන් කරමින්, එළඹෙන මාර්තු 06 වනදා සිට දිවයින පුරා සිනමා හල්වල අයිස් ක්‍රීම් සිනමාපටය තිරගත කිරීමටයි දැන් සූදානම් වෙන්නේ…

අයිස්ක්‍රීම් සිනමාපටය කොළඹට තදාසන්න පැල්පත් නිවාසවල ජීවත් වන සිනමාලෝලී – සෙල්ලක්කාර – රැකියා විරහිත තරුණයෙකු වටා ගෙතෙන කතාවක් වන අතර හේමාල් රණසිංහ විසින් රඟපාන්නේ පිස්සුවෙන් මෙන් චිත්‍රපටවලට ආදරය කරන එම තරුණයාගේ චරිතයයි.

ඔහු සමඟින් සමඟින් මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ රොශාන් රණවන, අයිශාරා අතුකෝරළ සමඟින් බිමල් ජයකොඩි යි. කලකට පෙර අප අතරින් සමුගත්, ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න ශූරීන් ද අයිස් ක්‍රීම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එක්වනවා.

ඊට අමතරව වීණා ජයකොඩි, රුක්මල් නිරෝෂ්, දමිතා අබේරත්න, ඩී බී ගංගොඩතැන්න, මධුෂාන් නානායක්කාර, චමිලා පීරීස්, සරත් කොතලාවල වැනි ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

අයිස් ක්‍රීම් අධ්‍යක්ෂණය සිදු කළේ මෙරට ජනප්‍රිය නිවේදකයෙකු වන රංගන ශිල්පියෙකු වන ප්‍රදීප් ධර්මදාස විසිනි. ත්‍රෛලෝක වැනි ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කර තිබෙන නමුත් ඔහු අධ්‍යක්ෂණය කරන පළමු සිනමාපටය වන්නේ මෙයයි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ මෙරට තවත් ජනප්‍රිය නලුවෙකු වන කළණ ගුණසේකරයි.

කසුන් කල්හාර විසින් චිත්‍රපටය සංගීතවත් කළා. ගීත රචනය මංජුල වෙඩිවර්ධන සහ කැමරාකරණය චින්තක සෝමකීර්තිගෙනි. රුක්මල් නිරෝෂ් චිත්‍රපටයේ සංස්කරණය සිදු කළා.

හේමාල් රණසිංහවල රජිනිකාන්ත්, චාලි චැප්ලින් වැනි චරිතවලින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් වුනු මෙම චිත්‍රපටයේ වේශ නිරූපණය සිදු කළේ නාරද තොටගමුව ඇතුළු කණ්ඩායමයි.

දුමින්ද පියරත්න සහ කෝකිල විතානගේ විසින් චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු කරනවා.

අයිස්ක්‍රීම් MPI සිනමා මණ්ඩලයේ බෙදා හැරීමකි. එළඹෙන මාර්තු 06 වනදා සිට දිවයින පුරා සිනමාහල් රැසකදී ඔබට මෙය නැරඹිය හැකියි.

Share

87 Views 4 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.