Aksar 02 – ඔක්තෝබර් මස තිරගතවන නවතම සිනමාපටය
සිනමා ක්ෂේත්‍රය ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේදී දැවැන්ත ව්‍යාප්තියක් සහිත කර්මාන්තයක්. කලාත්මක ධාරාවේ සිනමාපට වගේම වානිජ ධාරාවේ සිනමාපටත් විශාල ප්‍රමාණයක් වසරකට ඉන්දියාවේ නිෂ්පාදනය වනවා. ඒ වගේම වසරක් තුල තිරගත වන සිනමාපට ප්‍රමාණයත් වැඩියි. බොලිවුඩ් පුරවරයේ තිරගත වීම ආරම්භ කළ නවතම සිනමාපටය Aksar 02. ඔක්තෝබර් මාසෙ 07 වැනිදා බොලිවුඩයේ Aksar 02 සිනමාපටය ප්‍රදර්ශනය වීම ආරම්භ කෙරුණා. 2016 වර්ෂයේම තිරගත වුනු Aksar චිත්‍රපටයේ දෙවැනි පියවර ලෙස මේ නිෂ්පාදනය සිදුකොට තිබෙනවා. රචනය සහ අධ්‍යක්ෂණය Ananth Narayan Mahadevanගෙන්. Aksar 02 සඳහා තිර රචනයෙන් Sanjeev Puri දායකවී තිබෙනවා. Aksar 02 චිත්‍රපටය Bhaumik Gondaliyaගේ නිෂ්පාදනයක්. Zareen Khan, Gautam Rode, Abhinav Shukla, Mohit Madaan ඇතුලු බොලිවුඩ් තරු රැසක් රංගනයෙන් දායක වන Aksar 02 සිනමා ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක නිර්මාණයක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පල වෙනවා.
Written by Nisanka Weheraduwa
