Spider-Man අලුත්ම චිත්‍රපටය ජූලි 2වැනිදා සිට ලොවපුරා

Avatar Nisanka Weheraduwa | July 2, 2019 193 Views 1 Like 0 Ratings

193 Views 0 Ratings Rate it

Spider-Man කතා මාලාව කියන්නේ ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. මේ කියන්න යන්නේ ඒ චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය ගැන. චිත්‍රපටයේ නම Spiderman – Far from home. මේ දවස්වල ලෝකය පුරාම චිත්‍රපට රසිකයින් නොඉවසිල්ලෙන් ඉන්නේ මේ චිත්‍රපටය දැකගන්න. අලුත්ම spiderman වික්‍රමය මොකක්ද කියන එක දැනගන්න. අද ඒ කියන්නේ ජූලි මාසේ 2 වැනිදා තමයි චිත්‍රපටය ලෝකය පුරාම තිරගත වීම ආරම්භ වන දවස.

Jon Watts තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ. Chris McKenna සහ Erik Sommers චිත්‍රපටයේ තිර රචනය සිදුකළා. ඒ Stan Lee සහ  Steve Ditkoගේ comics පදනම් කරගෙන. චිත්‍රපටය අනික් චිත්‍රපට වගේම ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් වන බව මාධ්‍ය වාර්තා කොට තිබුනා. Tom Holland, Samuel L. Jackson, Zendaya, Cobie Smulders, Jon Favreau, J.B.Smoove, Jacob Batalon, Martin Starr ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ජූලි 4 වැනිදා සිට කොළඹ සිටි සෙන්ටර්හි තිබෙන Scope සිනමාහල ඇතුළු සිනමාශාලා වලදී මේ චිත්‍රපටය නැරඹීමට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

Share

193 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.