රාත්තල් 300ක් බර, කසාද දෙකක් කැඩුණු මිනීමරු ගැහැණියගේ ආදර කතාව

Avatar Nisanka Weheraduwa | March 21, 2019 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

සමන් වික්‍රමආරච්චි මිට කලකට ඉහත රචනා කළ කෙටි නවකතාව “අසන්ධිමිත්තා”. මේ නවකතාව ඇසුරින් සිනමාවේදී අසෝක හඳගම සිනමාපටයක් නිර්මාණය කරනවා. චිත්‍රපටය නම් කරන්නෙත් අසන්ධිමිත්තා ලෙසින්. මේ වනවිට ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් හෙට එනම් 22 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කෙරෙනවා. Busan International film festivalහිදී 2018 නොවැම්බරයේ සිනමාපටයේ ලෝක මගල දර්ශනය පැවැත්වුවා. ඊට පසුව යුරෝපිය මංගල දර්ශනය පැවැත්වුයේ Black Nights film festivalහිදී. ඒ, 2018 නොවැම්බර් මාසයේදී. බැංගලුරු ජාත්‍යන්තර සිනමා උළෙල සහ ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙල වලදීත් මේ චිත්‍රපටය තරගකාරී අංශය නියෝජන කොට තිබෙනවා.

අසන්ධිමිත්තා චිත්‍රපටයේ “අසන්ධි” ලෙස නිල්මිණි සිගේරා රංගනයෙන් දායක වනවා. මේ අගේ පළමු සිනමා රංගනය විශේෂත්වයක්. පළමු සිනමා රංගනය උදෙසාම ජපානයේ ඔසාකා සිනමා උළෙලේදී විශිෂ්ට රංගනය උදෙසා වන යකුෂි මුතු සම්මානය දිනා ගැනීමට ඇය සමත් වුනා. නිල්මිණි සමග ධර්මප්‍රිය ඩයස් සහ ඩබ්ලිව්.ජයසිරි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයට දායක වනවා.

ශ්‍යාම් ප්‍රනාන්දු, යසෝධා විමලධර්ම, රිතිකා කොඩිතුවක්කු, රුක්මල් නිරෝෂ්, ගයනි ගිසන්තිකා, අනුලා බුලත්සිංහල, සඳලි හඳගම, ප්‍රදීප් රාමවික්‍රම, අහස දිසානායක සහ විදත් වීරකෝන් චිත්‍රපටයේ අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් දායක වන චිත්‍රපටයේ සංස්කරණය රවින්ද්‍ර ගුරුගේගෙන්. සංගීතය කපිල පූගලආරච්චි විසින් නිර්මාණය කොට තිබෙනවා. දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් දායක වුනු අසන්ධිමිත්තා සිනමාපටය මිනිත්තු 98කධාවන කාලයකින් යුක්තයි. මාර්තු 22 වැනිදා සිට රිද්ම සහ CEL මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වන අසන්ධිමිත්තා, සීමිත කාල වකවානුවකට පමණක් තිරගත වන්නක්. එහෙයින්, අසන්ධිමිත්තාගේ ආදර කතාව දැකගන්න ඉක්මනින් සිනමාහල් වෙත පැමිණෙන ලෙස සිනමාලොලි ඔබට ඇරියුම් කරනවා.

Share

172 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.