කොළඹ සන්නිය Returns – ළඟදීම දිවයිනපුරා

Avatar Nisanka Weheraduwa | September 13, 2018 456 Views 0 Likes 1 On 1 Rating

456 Views 1 On 1 Rating Rate it

මැණික් සන්ද්‍රා සාගර අධ්‍යක්ෂණය කළ “කොළඹ සන්නිය” චිත්‍රපටය සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය චිත්‍රපටයක්. එඩි ජයමාන්න ප්‍රධාන චරිතය නිරූපණය කළ කොළඹ සන්නියේ ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩි සිල්වා, දයා ද අල්විස්, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ ඇතුළු දක්ෂ නළුනිළි පිරිසක් රංගනයේ යෙදුනා. හදිසියේ ධනවතුන් වන ලොතරැයි ජයග්‍රාහක ගැමි පවුලක් කොළඹ ජිවත් වන්නට දරන උත්සාහයක් හාස්‍ය රසය සමගින් මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමට සමත් වුනා.

කොළඹ සන්නිය ගැන නැවත කතාබහකට අවස්ථාවක් උදාවන්න හේතුව, ඒ චිත්‍රපටය කොළඹ සන්නිය Returns නමින් ප්‍රතිනිර්මාණය වීමයි. මේ නව නිෂ්පාදනයේ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙන්. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා සහන අබේවර්ධන, ෂමාල් ඩිල්ෂාන්, දිනිත් කොර්නෙට් දායකවී තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුනසේකරගෙන්. ගයාන් උඩවත්ත සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වනවා. සරත් කොතලාවල, සැනට් දික්කුඹුර, රජිත හිරාන්, මේනකා මධුවන්ති, කුමුදුනි අධිකාරි, රොහාන් විජේසිංහ, රසිකා නිමාලි ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයනවා.

සැප්තැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී “කොළඹ සන්නිය Returns” නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

Share

456 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.