ජෝන් ඒබ්‍රහම් න්‍යෂ්ටික පිපිරවිමකට සම්බන්ධ වෙයි..?
ඉන්දියානු සිනමාව තුළ විවිධ ශානරයන්ට අයත් සිනමාපට නිර්මාණය වනවා. ක්‍රියාදාම චිත්‍රපට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය අංගයක් වෙමින් පවතින බවට විචාරක මත පලවී තිබුනා. බොලිවුඩ් සිනමාවට අලුතින් නිර්මාණය වන “Paramanu – The story of Pokhran” චිත්‍රපටයත් එවැන්නක්. 2017 දෙසැම්බර් මාසයේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ප්‍රදර්ශනය වීම ඇරඹීමත් සමගම ඒ සඳහා ප්‍රේක්ෂකයින් තුළ දැවැන්ත උද්‍යෝගයක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම මෙහි රංගනයේ යෙදෙන ජෝන් එබ්‍රහම්ගේ රංගනයන් හේතුවෙන් මේ සඳහා වැඩි අවධානයක් හිමිව ඇති බවත් සඳහන්.
Abhishek Sharma චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා සේම Quadras තිර රචනයෙන් දායකවී තිබෙනවා. Pokhran හිදී න්‍යෂ්ටික පිපිරීමක් ආශ්‍රිත සිදුවීමක් පදනම් කරගනිමින් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. 1998 වර්ෂයේ සිදුවූ සිදුවීමක් ඇසුරින් චිත්‍රපටයේ කතාව ගෙතී තිබෙනවා. John Abraham, Diana Penty සහ Boman Irani චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයනවා. පද්මාවත් චිත්‍රපටයේ තිරගත වීම් අවසන් උ පසුව මේ චිත්‍රපටය තිරගත කෙරෙනු ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ප්‍රේක්ෂකයින් මේ චිත්‍රපටය නිකුත් වන තුරුත් නොඉවසිලිමත්ව බලා සිටින බවයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වන්නේ.
Written by Nisanka Weheraduwa
