හේමන්ත ප්‍රසාද්ගේ සිනමා ආගමනය “උලලේනි” ළඟදීම

Avatar Nisanka Weheraduwa | August 1, 2019 257 Views 0 Likes 1 On 1 Rating

257 Views 1 On 1 Rating Rate it

ලංකාවේ සිනමාවට විවිධ ශානර වල සිනමා නිර්මාණ බිහිවන්නේ නැහැ කියන චෝදනාව සාමාන්‍යෙන් කතාබහ වන දෙයක්. ඒත් දැන් දැන් මේ තත්වය වෙනස් වෙමින් යන බවකුත් දකින්න තියෙනවා. මේ තොරතුරු ඒ විදිහේ වෙනස් සිනමා නිර්මාණයක් ගැන.

දශක ගණනක් තිස්සේ වේදිකාවේ සහ අනිකුත් කලා මාධ්‍ය ඇසුරේ වැඩකටයුතු කළ  අත්දැකීම් බහුල ශිල්පියකු වන හේමන්ත ප්‍රසාද් සිනමාවට එකතු කරන්න සුදානම් වෙන්නේ ඒ විදිහේ වෙනස් නිර්මාණයක්. චිත්‍රපටයේ නම උලලේනි. පිටපත, තිරරචනය සහ අධ්‍යක්ෂණය හේමන්ත ප්‍රසාද් විසින්ම සිදුකොට තිබෙනවා.

හොලිවුඩ් සිනමාවේ එන Thriller ශානරයේ චිත්‍රපට බලන්න කැමති විශාල රසික පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ චිත්‍රපටය ඒ රසික පිරිස අතර වඩාත් ජනප්‍රිය වෙයි කියන විශ්වාසයක් තිබෙනවා. මේ කතාව උමතු මිනිමරුවෙක් ගැන. තනිවම නිවෙස්වල සිටින තරුණියන් වෙත පැමිණෙන උමතු මිනිමරුවෙක් ගැන. හදිසියේ මහවැසි ඇදවැටෙන පාළු රාත්‍රියක නිවසට පැමිණෙන අමුත්තන් දෙදෙනා කවුද..? ඒ අතරින් සැබෑ මිනීමරුවා කවුරුන්ද..? කුතුහලය භීතිය පිරුණු අපූරු සිනමා අත්දැකීමක් ලෙසින් උලලේනි චිත්‍රපටය දිගහැරෙනවා. නුදුරේදීම ඔබට ලඟම චිත්‍රපට ශාලාවෙන් උලලේනි චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව උදාවේවි.

Share

257 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.