Fukrey Returns දෙසැම්බරයේ
Fukrey Returns බොලිවුඩ් පුරයෙන් නිර්මාණය වන දෙසැම්බර් මාසයේ තිරගත වීම් සඳහා සුදානම් කොට ඇති නවතම විනෝදාත්මක සිනමාපටයක් . චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ Mrighdeep Singh Lamba විසින්. 2013 වසරේ නිර්මාණය වූ Fukrey සිනමාපටයේම දිගුවක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. Pulkit Samrat, Varun Sharma, Ali fazal, Manjot Singh, Richa Chadda, Priya Anand, Vishakha Singh, Pankaj Tripathi, Rajpal Yadav ඇතුළු නළු නිලියන් රැසක් මේ සිනමාපටයට දායකවී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 4.4ක වියදමක් සිනමාපටය සඳහා වැයකොට ඇති බවත් සඳහන්. Victoria and Abdul සිනමාපටය හරහා ලොව පුරා ප්‍රේක්ෂක අවදානයට ලක්වූ Ali Fazal මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබීමත් විනෝදාත්මක චිත්‍රපටයක රඟපාමින් ඔහු සිය විවිධාකාරයේ හැකියාවන් පෙන්වීමත් fukrey Returnsහි තවත් විශේෂත්වයක්.
Written by Nisanka Weheraduwa
