Terminator – Dark Fate සමග Arnold Schwarzenegger යළිත්

Avatar Nisanka Weheraduwa | October 21, 2019 227 Views 0 Likes 5 On 1 Rating

227 Views 5 On 1 Rating Rate it

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රියකරන සිනමා රසිකයින්ට Arnold Schwarzenegger කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1980, 1990 දශක වල ඔහු අතිශය ජනප්‍රිය චරිතයක්ව සිටියා. විශේෂයෙන්ම ක්‍රියාදාම චිත්‍රපට චරිත වලින් ඔහු නිතර දකින්න ලැබුනා. 2003 වසරේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ඔහු වැඩ බාරගැනීමත් සමග ඔහු දේශපාලනික චරිතයක් විදිහටත් ජනප්‍රිය වුනා. මේ තොරතුර ඔහුගේ දේශපාලන ජීවිතය ගැන නම් නොවෙයි. ඔහු රඟපෑ අලුත්ම චිත්‍රපටය ගැනයි.

1984 වසරේ නිර්මාණය වුනු Terminator චිත්‍රපටයේ James Cameron රචනා කළ චරිතයට ඔහු රංගනයෙන් දායක වුනා. ක්‍රියාදාම සිනමාවේ මේ චිත්‍රපටය ඉතා ඉහළ ජනප්‍රසාදයක් හිමිකර ගත්තා. 1991 වසරේ Terminator 02 – Judgment Day චිත්‍රපටයත්, 2003 වසරේ Terminator 03 – Rise of the Machines චිත්‍රපටයත්, ඊට පසු 2009 වසරේ Terminator Salvation සහ 2015 වසරේ Terminator Genisys චිත්‍රපටයත් නිර්මාණය කෙරුනා. මේ චිත්‍රපට මාලාවේ හයවැනි චිත්‍රපටය ලෙස Terminator 06 – Dark Fate ළඟදීම තිරගත වීමට නියමිතයි.

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Terminator 06 – Dark Fate චිත්‍රපටය Tim Miller අධ්‍යක්ෂණය කරන්නේ David S. Goyer, Justin Rhodes සහ Billy Ray තිදෙනාගේ තිර රචනයට අනුව. නමුත් චිත්‍රපටයේ කතාව James Cameron, Charles Egles සහ JOsh Friedman එක්ව නිර්මාණය කොට තිබෙනවා. Linda Hamilton, Arnold Schwarzenegger, Mackenzie Davis, Natalia Rays, Gabriel Launa, Diego Boneta ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Linda යළිත් Saarah Connor ලෙසත් Arnold යළි T-800 Terminator ලෙසිනුත් Edward Furlong John connor ලෙසිනුත් මෙහි සුපුරුදු චරිත නිරූපනයේ යෙදෙන්නේ වසර ගණනාවකට පසුව වීමත් මේ චිත්‍රපටයේ විශේෂත්වයක්. මිනිත්තු 128ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය වෙනුවෙන් වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 160ත් 200ත් අතර වන බව පැවසෙනවා.

නොවැම්බර් 01 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකය පුරා රටවල් රැසක Terminator 06 – Dark Fate චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරෙනවා. Terminator චිත්‍රපටයේ ජනප්‍රියත්වය තවමත් එලෙසින්ම පවතින බවත්, මේ චිත්‍රපටයත් blockbuster චිත්‍රපටයක් වනු ඇති බවත් විචාරක අදහස් අතර කියවුනා. ඒ කතාව කොතරම් සාධාරණදැයි දැනගන්න නොවැම්බර් 01 වැනිදා තෙක් ඉවසන්න.

Share

227 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.