කාලය එනතුරු ඉවසන්න – කාල – ඔක්තෝබර් 27 වැනිදා සිට

Avatar Nisanka Weheraduwa | October 19, 2017 301 Views 0 Likes 0 Ratings

301 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවට ඉතිහාස කතා සහ රජ කතා ආශ්‍රයෙන් සිනමාපට බිහි වීමේ රැල්ලක් මෑතක සිට පවතිනවා. නමුත් මේ සියලුම නිර්මාණයන්ට පාහේ පාදක වුයේත් රජ පෙළපත ආශ්‍රිත කතා තේමාවන්. විශේෂයෙන් රාජාවලියේ සඳහන් විවිධ සුවිශේෂී චරිත ඇසුරින් කළ සිනමා නිර්මාණ මේ යටතේ සිනමාවට නැගුනා. මේ ඉතිහාස රජකතා සිනමාවලිය කිසියම් වෙනසකට ලක් කරමින් නවතම සිනමා කෘතියක් නිර්මාණය කිරීමට සුජීව ගුණසේන සමත්ව තිබෙනවා.
ධාතුසේන රජ සමයේ අනුරාධපුර රාජධානිය තුළ සිදුවූ ඉතිහාස කතාවක් පදනම් කරගෙන මේ සිනමාපටය නිර්මාණය කිරීමට සුජීවට හැකිව තිබීම විශේෂත්වයක්. වැව් බැඳි රාජ්‍යයේ ඇති මහ වැව් අතර සුවිශේෂී ස්ථානයක් උසුලන කලා වැව සහ ඒ ආශ්‍රිත ඉතිහාසය කියැවෙන කතාන්දරය සිනමාවට නගන්න සුජීව කටයුතු කොට තිබෙනවා. ඉතිහාසය කියවන සිනමා සම්ප්‍රදායට නව හැඩයක් එජ්ක් කිරීමට තමන් උත්සාහ කළ බව අධ්‍යක්ෂවරයා පවසනවා. දියවරට දිවිදී රැකගත් ලාංකීය දේවත්වය ලෙස ඔහු මේ සිනමාපටයට තේමාව යොදා තිබෙනවා. කාල වැව නොහොත් කලා වැව සහ ඒ ආශ්‍රිත කාල දරුවාත් ඔහුගේ ජීවිත පරිත්‍යාගය සහ කඩවර දෙවියන් නිර්මානය වීමත් පදනම් කරගත් අපූරු සිනමාපටයක් නැරබීමට එළඹෙන 27 වැනිදා සිට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මහේන්ද්‍ර පෙරේරා, මාදනී මල්වත්ත, විශ්ව කොඩිකාර, නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, ජනක් ප්‍රේමලාල් ඇතුළු නළු නිලියන් රැසක් මේ සිනමා වියමනට රංගනයෙන් දායක වුනා. ඔක්තෝබර් 27 වැනිදා සිට ඔබේ සිනමාහලට ගොඩවදින්න. කාල නරඹන්න.

Share

301 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.