පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද? – Frangipani Movie Trailer

Avatar Cinema.lk A | January 7, 2014 262 Views 0 Likes 0 Ratings

262 Views 0 Ratings Rate it

ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..

මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.මෙතෙක් කාලයක් අපිට නොදැණුනු මේ මාතෘකාව,සිනමා පටයක් විදියට නුදුරේදීම අපිට නරඹන්න පුළුවන් වෙවී.එතෙක් මේ චිත්‍රපට‍යේ පුර්ව ප්‍රචාරක පටය පමණක් ඔබ වෙනුවෙන් ඉතිරි කරලා යන්නම්.

1382387_10200780822342252_1420700878_n 1394328_10200780822302251_1955170495_n 1376999_10200780822742262_1164272044_n 1374747_10200780823062270_1650262182_n

Share

262 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.